උඩුගම කලාපයේ 2007-2008 පෙළ පොත් ලැබී නැත. සිසුන් ජනපතිට ලිපියකින් දැණුම් දෙයි

අගෝස්තු 29, 2008

දකුණු පළාතේ ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ තවලම අධ්‍යාපන කොට්ඨාසයේ ඕපාත මහා විද්‍යාලයේ 2007 වර්ෂයේ 10  සහ 2008 වර්ෂයේ 11 යන ශේණී වලට අදාල පෙළ පොත් ලබා දීමට ඉහත අධ්‍යාපන කාර්යාලවලට අයත් නිලධාරීන් අපොහොසත් වීම නිසා සිසුන් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇත. 2008 වර්ෂයේ  මාස කිහීපයක් ගෙවිගියත් පෙළ පොත් ලැබෙනබවක් පෙනෙන්නට නොවීය වර්ෂ දෙකකට අදාල පෙළ පොත් නොලැබුණු බැවින් සිසුන් අතිගරු ජනාධිපති තුමන්ට මේබව ලිපියක් මගින් දැන්විය.

එම ලිපියට පිළිතුරු වශයෙන් 2008 මැර්තු 29 වැනි දීනැතිව අංක PA/03/01/03/02  ජනාධිපති සහකාර ලේකම් මහින්ද ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට ලිපියක් යොමුකරමීන් එතුමන් කියා තිබුණේ අදාල  පෙළ පොත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් එය ඉතා අගයකොට සලකන බවත්ය.

එම ලිපිය අනුව 2008.04.11 දිනැතිව අංක. දප/ජාඵා.05/පෙළ පොත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නීයෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාවතී ලියනගේ මහත්මීයගේ අත්සනින් යුතුව තවලම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී.කොස්වත්ත මහතාට  ලිපියක් යොමුකරමින් එතුමීය  අදාල පෙළ පොත් කඩිනමින් ලබා දෙන ලෙස දන්වා තිබුණි.

එම ලිපිය තැපැල් කරන්නේ 2008.04.21 දිනය. ලිපිය කොස්වත්ත මහතාට ලැබී පැය 24ක් ගතවූවේත් නැත.  පෙළ පොත් රැගත් රථය පාසල් භූමියේ නවතනු පෙණින.

2008 මැයී 12 දින වන විට පාසලට ලැබුණේ 11 වසර බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍ය, ඉංගිරිසි, ගණිතය, ඉතිහාසය, භූගෝල වීද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ගෘහ විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන පොත්ය.

කොට්ඨාස අධ්‍යක්ෂ පී.කොස්වත්ත මහතා ලිපියක් යොමුකරන්නේ කරුනාවතී  ලියනගේ මහත්මියට මෙම පොත් කඩිමුඩියේ බෙදා අවසන් කිරීමෙන් අනතුරුවය. එතුමා ලීපිය යොමුකල ද එහි ලිපි අංකයක් තබා දිනයක්වත් සදහන් නොකරමින්ය. ලිපිය බහාලූ කවරයේ තැපැල් කාර්යාලයේ දින සටහන් වන්නේ2008.05.15 ලෙසින්ය.

කොස්වත්ත මහතා ලිපියෙන් කියන්නේ මෙසේය.

2007 වර්ෂයේ 10 ශේණීයට අදාල  පෙළ පොත් 2007 නොවැම්බර් මස සිට 2008 මැයී මස දක්වා කාලය තුල  බෙදා දී අවසන් බව ද 2008 අදාල පෙළ පොත් 2008 ජනවාරි 11 සිට මැයි 12 දක්වා බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍ය, ඉංගිරිසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, භූගෝල වීද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ගෘහ විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන පොත් ලබා දී ඇති බවත්ය.

එහෙත් විද්‍යාව පෙළ පොත සිසුන්ට ලැබී තිබුණේ නැත. එසේ හෙයින් සිසුන් මෙම ලිපිය විදුහල්පති ගුණවංශ විදානපතිරණ මහතාට ඉදිරිපත්කර වීද්‍යාව පෙළ පොත් විදුහලට ලැබී ඇත්දැයි විමසා බැලීය. විදුහල්පතිතුමා 11 වසර  විද්‍යාව පෙළ පොත් නොලැබුණු බව තහවුරු කර ඇත.

විද්‍යාව පෙළ පොත් ලබා දී ඇති බව සදහන් කළ ද ලබා දී නොමැති හෙයින් නැවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා ඇමතීමට සිසුනට සිදුවිය. 2007 වර්ෂයේ 10ශේණියට අදාල  පෙළ පොත් 2007 නොවැම්බර් මාසයේ දුන්බව කියා ඇත. 2007ට අදාල  පොත් නොවැම්බර් මාසයේ දෙන්නේ කුමකටදැයි අපහට හොවැටහේ.

ඉහල නිලධාරියාගෙන් ලීපි යක් ලැබිමෙන් අනතුරුව පැය 24ක් යන්නටත් මත්තෙන් මෙසේ පෙළ පොත් ලබාදී, තමන්ගෙන් වරදක් සිදු නොවුන ආකාරයෙන් පිළතුරු ලිපියක් යැවීම මගින් ඔබට පෙනෙන්නේ කුමක්ද? එම ලිපියට අංකයක් හෝ දිනයක් සටහන් නොකිරීමෙන් ඔබට පෙනෙන්නේ……?

සිසුන් අවස්න් ලිපිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට යැවීමේදී ලිපිය ආරම්බ කරන්නට ඇත්තේ මෙසේ වන්නට ඇත. ; දිනයක් හා අංකයක් නොමැති කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ලිපිය හා බැදේ, කියාය…….

මෙවන් නිලධාරීන් මෙතෙක් කල් කර ඇත්තේ පුටු රත්කළ එක පමණමද? මෙයීන් පෙනෙන්නේ පොත් රජයෙන් ලබා දුන්නද පහල නිල ධාරීන් එවා පාසල් වලට ලබා නොදෙන බව නොවේද….? මෙවන් නිලධාරීන් තවදුරටත් රාජ්‍ය සේවයේ තබාගැනීම සුදුසුද?