Enna Nivee Senahee Yanna…

දෙසැම්බර් 2, 2010


Guru Dinaya -Teacher’s Day

ඔක්තෝබර් 6, 2010

හිරු සඳුය තිබිර බිඳලූ
මන්දාකිණිය පුරාවට
සිත් සත් සමුදුර –
නැණ දියෙන් පිරවූ
අපේ දිවි මග මිණි පහන් වැට –
යුගනෙත අඳුන් දුන්
අජානීය බලයකි
ගුරු මව් වරුනි ! ගුරු පිය වරුනි !
ඔබ අපට…


විමර්ශණය නැවත අරඹයි – චෝදනා පත් භාරදෙයි.

අගෝස්තු 6, 2010

2009 පෙබරවාරි මස 10 වන දින උදෑසන 10.10ට ඇරඹි වීමර්ශණයෙන් 2009 මැයි මස ඉදීරී විමර්ශණ කටයුතු පහසු කර ගැනිමටයැයි පවසමීන් ගා/ඕපාත මහා විද්‍යාලයේ විදුහල්පතී තුමන් සහ තවත් ගුරුවරුන් දෙදදෙනෙකුත් පාසල් තුනකට මාරුකර යැවිණි. එහෙත් දින සති මාස ගතවී ගීයත් විමර්ශණය කෙරෙන බවක් නොවීය. එය එසේ හෙයින් මා හ‍ට මේ ගැන අතිගරු ජනපතීතුමන් දැනුවත් කිරීමට සිදුවිය. ඒ 2009.09.25 දිනයි.

ඒ අනුව 2009 නොවැම්බර් මස 06 දිනැතිව ජනාධිපතී අතිරේක ලේකම් එම්.ඩී.ඩබ්.ආරීයවංශ මහතාගේ අත්සනීන් යුතුව අංක එස්ඩී/6/ දරණ ලිපිය මගින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් තුමා වෙත දන්වන්නේ මේ සම්බන් ද ව සුදුසු පරිදි කටයුතු කර 2009.11.30 දිනට පෙර පිළිතුරු යැවීමට කටයුතු කර එතුමන්ටද ලිපියේ පිටපතක් යොමුකරණ ලෙසයි. ඒ අනුව 2009.11.27 දීන සහකාර ලේකම් (අධ්‍යාපන) එන්.කේ.අරීයවංශ මහතා මා වෙත දන්වන්නේ චෝදනා පත් බාරදීමටත් වීනය පරීක්ශණය සදහාත් සියලු කටයුතු සූදානම් කර ඇති බවය. චෝදනා ඔප්පුවන තුරු මොවුන් වැරදී කරුවෝ නොවෙති. නිවැරදි කරුවෝ ද නොවෙති. එම නිසා විනය පරීක්ශණය පවත්වා මොවුන් නිවැරදී කරුවෝද වැරදිකරුවෝද යන්න අප ඇතුලු ගම්වාසීන්ට පෙන්වාදිම ඉතා අගයකොට සලකන බවත් එයට මාගේ පූර්ණ සහයෝගය සැමදා ලැබෙන බවත් නැවත ලීපියක් මගින් මා එතුමන්ට දැන්විය.

මේ 2010 අගෝස්තු මාසයයි. මේවන විට අදාල ගුරුවරුන් දෙදෙනාට චෝදනාපත් බාරදී ඇත. ඔවුන් එයට පිළිතුරු යැවීමට ලහිලහීයේ සූදානම්වන බැව් පෙනේ. කෙසේ හෝ මෙය නැවත අරඹා විමර්ශණ කටයුතු අවසන් කිරීම ඉතාම හොදය. ඉදිරියටත් මාග්ත් විදුහලේත් ගම්වැසියන්ගේත් සහයෝගය අවශ්‍ය සැමවීටම විමර්ශණ නිලධාරින්ට ලැබෙනුඇත.


ගුරු මාරුවෙන් වසරකට පසු…

මැයි 22, 2010
ගා/ඕපාත මහා විද්‍යාලය (නවෝද්‍යා,ඉසුරු පාසල)

2009 මැයි මස 22 දින වන විට මහ විදහල

අද 2010 මැයී මස 22 වැනිදා,  2009 වසරේ අද වැනි දිනයක ගා/ඕපාත මහා විද්‍යාලයට නව විදුහල්පති වරයෙකු වැඩ බාර ගැනීමත්  ගුරුවරුන් දෙදෙනෙකුත් විදුහල්පති තුමාත් පාසල් තුනකට මාරුකර යැවීමත් සුවිශේෂී කරුණු දෙකකි. එම සදුවීමට අදට වසරක් සම්පූර්ණවේ. වසරක් සපිරුණත් මෙම සීයලු පත්කිරීම් තාවකාලිකය. එය මා වෙත දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආරියවංශ මහතා එතුමාගේ අංක දපස/අ/26/2/20/1/01 , 2009.11.27 දිනැති ලිපියෙන් දන්වා තිබිණි. ඒ මා දකුණු පළාත් සභාවට අයත් විශේෂ විමර්ශණ ඒකකය ගා/ඕපාත මහා විද‍්‍යාලයේ පැවැත්වෙන විමර්ශණය සම්බන්දයෙන් කටයුතු කරන ආකාරය වැරදි බවත්, ඔවුන් වීමර්ශණ කටයුතු නවතාදමා ඇතිබවත්, එය අපක්ෂපාතීව පවත්වා මාරුකළ ගුරුවරුන් යම් වංචාවකට සම්බන්ද නම් ඔවුන්ට දඩුවම් ලබාදෙන ලෙසත්,  අතිගරු ජනාධිපති තුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

මෙම ලිපියෙන් මා ඔබගේ අවධානයට ලක්කරන්නේ ගම්වාසීන්,ගුරුවරුන් සහ ළමයින් එක්වී ගුරුවරුන් මාරුකිරීමෙන් පලක් වී ඇත්ද යන්නයි..

අපේ නව විදුහල්පති තුමන් කේ.එච්.එම්. ගුණරත්න මහතායි. එතුමා කලින් සෙවය කළේ සිසුන් 30ක් පමණ ඉගෙණුම ලබන ………කනිෂ්ඨ විදුහලේය. ගම් වැසියන්ගේ සහ සිසුන්ගේ ඉල්ලීම හොරුන් එලවා දැමීම පමණක් නිසා විදුහල්පති ලෙස පත්කර එවන පුද්ගලයාගේ හැඩරුව, ගතීගුණ නිලධාරීන්ට එතරම් හරඔයක් නොවුනු නිසා මෙම පාසලට පැමිණීමට කැමැත්තෙන් සහ ආශාවෙන් සිටි මෙතුමාම විදුහල්පතිවරයා ලෙස පත්කර එවන්නට තීරණය කෙරිණී.  මෙම තිරණය අනුව 2009 මැයි 22 වැනි දින උදේ පාන්දරම කේ.එච්.එම්. ගුණරත්න මහතා පාසලට පැමිණි අතර එතුමා අපගේ ඒ වන විට විදුහල්පතිව සිටි, දෑරැංගල විදුහලට ස්ථානමාරු කිරීමේ ලිපිය අතැතිව සිටි ගුණවංශ විදානපතිරණ මහතා සාදරයෙන් පිළිගෙන, හල්විටිගල මහ විදුහලට ස්ථාන මාරු කිරීමේ ලිපිය අතැතිව සිටී ඒ වන විට පාසලේ නියෝජ්‍ය වීදුහල්පති ලෙස කටයුතු කළ ලලිත් රණසිංහ මහතාටය. ඒ පාසලේ සිටින සියලු ගුරුවරුන් හදුන්වා දීමට සහ පාසල් ගොඩනැගිලි පෙන්වා දීමටය.

ගම් වැසියන්, ගරු වරු සහ ළමයින්ට මෙතුමා දුටු සැනින් පැහැදීමක් ඇතිවූ බව පෙණින. මක්නිසාද මෙතුමන් සම්පූර්ණ සුදු ඇදුමින් සැරසී ටයිපටියක් ද ගැටගසා ගෙන සිටි නිසාය. අපේ නව විදුහල්පති තුමා තේජාන්විත පෙනුමකින් ද යුක්තය. ‍විදුහල්පති වරයෙකුට අත්‍යාවශයෙන්ම තිබිය යුත්තේ මනා පෞරුෂමත් පෙනුමයි. පිට පොත්තට පැහැදීම සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභහවයයී. මෙයය කිසිවිටෙක වෙනස් නොවේ.  මෙහිදී නව විදුහල්පති තුමන්ට ඇතිවූ මුල්ම ගැටලුව විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාවයි. එතුමා සිටි පාසලේ සිසුන් 30ක් පමණ වූවත් අපේ පාසලේ සිසුන් 1300ක් සිසුන් සිටින නිසා එතුමාට එයට මුහුණදීමට අපහසු බවක් දැනින. එහෙත් එය කිසිවෙකුට නොපෙන්වා සුපුරුදු පරිදි කටයුතු කිරීමට ඔහු උත්සහවත් විය.

කෙසේහෝ දැන් වසරක කාලයක් ගෙවීගොසින්ය. දෙමාපීයන්ගේ, ගුරුවරුන් ගේ සහ සිසුන්ගේ බල‍ාපොරොත්තුව පරිදි දැන් අපේ පාසල හැදිලද…???

ඔව්. ඇත්තෙන්ම ඔව්.  මෙය ගුරු සිසු දෙමාපිය සැමගෙන් ඇසූ විට ලැබෙන පිළීතුරයි. 2009 මැයී මාසයෙන් පසු වෙනස්වූ දෙවල් මොනවාදැයි සලකා බලමු.

නාමය

අලුතෙන් ලැබුණු

එකතුව

ලැප්ටොප් පරිගණක Lap Top  1 21
සාමාන්‍ය පරිගණක Computer 5 23
බහුමාධ්‍ය m%CIamk  Multimeedia Projector 1 2
     
     
     
     

පාසල් වත්තේ පෙනුම වර්ධනය කර ඇත.  තෘණ වර්ගයක් සිටුවා ඇත.  පාසල් වත්තේ ගස් නාමකරණයට ලක්කර ඇත.  පාසලේ පෙනුම ඉතා අලංකාරව සකසා ඇත. අධ්‍යාපන කටයුතු ද සාමාන්‍ය පරිදි නියමානුකූලව  කරගෙන යන බවක් පෙනේ. මෙයට වඩා තවත් මොනවාද? මගේ පුද්ගලික අදහසට අනුව දැන් පාසල පෙරටවඩා හොද තත්වයක පවතී. ගුරුවරුන් අතර අසමගිය ද සිසුන්ගේ විනය පිරිහීම ද සමහරුන් විදුහල්පති තුමාගේ වරදක් ලෙස පෙන්වා දුන්න ද වසර 15ක පමණ ඉතිහාසයක සිටම එය එසේම සිදුවූ බව මා අවධාරණය කරන්නට කැමැත්තෙමි. පසුගිය වසර 4 තුල මේවායෙහි වර්ධනයක් සිදුවූ අතර එය එසේම නොවෙනස්ව තවමත් පවතියි.


අධ්‍යාපන ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිදුනි. ඔබට අපගේ සුභපැතුම්!

අප්‍රේල් 25, 2010

ඔබ තුමා පසුගිය වසර කිහිපයෙම  වෙළද අමාත්‍ය වරයා ලෙස විශාල සේවාවක් රටට කර ඇත. අධ්‍යාපන අමාත්‍ය වරයා ලෙසත් හොදින් කටයුතු කරගෙන යාම සදහා තලංගල්ල ගම්වාසීන් වෙනුවෙන් මා ගේ  සුභ පැතුම්!

ගරු ඇමති තුමනි! මෙම බ්ලො‍ග් එක තුල ඇති සියලු ලිපි ඔබ තුමන්ගේ සුවි‍ෙශ්ෂි අවධානයට යොමු කරවමි.


ගා/ඕපාත මහා විද්‍යාලය (නවෝද්‍යා පාසල) “මගේ පාසල”

අප්‍රේල් 12, 2010

ගාලු දිසාවේ උඩුගම අධ්‍යාපන කලාපයේ තවලම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ඕපාත නම් ඉතා සුන්දර වූ ගම්මානයක පිහිටි දියුණුවේ දොරකඩ අසලට පැමිණ සිටින පාසලකි, “ඕපාත මහා විද්‍යාලය”

ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…

ගා/ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා සංසදයේ හෙට දිනුම් අදින ලොතරැයිය.

ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන පාසලකි. සෑම වර්ෂයකම මෙම කටයුතු සදහා සතියක් වෙන්කර දී  ඇත. එය “නවෝද්‍යා සතිය” යනුවෙන් නම් කර පාසලේ විවිධ කටයුතු සදහා දින වෙන්කර එවන්නේ “ඉසුරුපාය” අධ්‍යාපන අමාත්‍යාංශයෙනි.  

ගා/ඕපාත නවෝද්‍යා සංසදය නමින් දෙමාපියන්ගේ සංසදයකි. ගා/ඕපාත මහා විද්‍යාලය නවීකරණ අරමුදලට ආධාර පිණිසයි! ලොතරැයයක මිල රු 20කි. පොතේ ලොතරැයි 25කි . සිසුවා විසින් අරමුදලට රුපියල් 500ක මුදලක් ලබා දීම අනීවාර්යය. දිනුම් අැදීම 2008 ජුනි 17 සවස 3.00 ට ය. සිසුන් දහසකි. අදායම රුපියල් ලක්ෂ පහකි. (500,000. 00) අද 2010/04/12 දිනයයි. මෙෙතක් ලොතරැයිය දිනුම් අැදීම කර නැත…

ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…

 


දැන් මට වයස අවුරුදු 18ක් සම්පූර්ණයි!

පෙබරවාරි 27, 2010

මගේ උපන් දිනය අද. මම ඉපදුනේ 1992 පෙබරවාරි 27වනදා. 2010 පෙබරවාරි 27 වන අද දිනයට මට වයස අවුරුදු 18ක් සමුපූර්ණ වෙනවා.

මගේ ජීවිතයන් වසර 18ක් නොදැනිම ගෙවී ගිහින්. මාගේ අයුෂ ප්රමාණය කොතෙක් දැයි මා නොදන්නා නිසා ජීවත් වූ කාලය ජීවත්වීමට ඇති කාලයට වඩා වැඩි යැයි හෝ අඩුයැයි කීමට නොහැකිය. කෙසේ වෙතත් මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය…


ඇත්තටම කව්ද හොරු…

පෙබරවාරි 10, 2010

ඕපාත මහ විදුහලේ සිදුවූ සිදුවිමක් පාදකකොට..

ඉහත සද‍හන් පාසලේ 2009 වසරේ ජනවාරි මාසයේ සිට සොරකම් දූෂණ වංචා යන මාතෘකා නිතර සාකච්ඡාවට ගන්නා ලද බව සැවොම දනිති.  ගම්වැසීයන් ගුරුවරුන් සහ ළමයින් එක්වී ඒකාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට චෝදනා කරන්නට විය.  එම චෝදනා අසත්‍යක් කීයා කියන්නට මට නොහැකීය. සත්‍යක් යැයි කීමට ද නොහැකිය. එහි සත්‍ය අසත්‍ය භාවය ගැන මට කතාකළ නොහැකි වූවත් ඔවුන් ආයතනයක කටයුතු කරන සාමාන්‍ය ක%රමයෙන් බැහැරව නීතිවිරෝධී ලෙස කටයුතු කල බව අකමැත්තෙන් වූවත් පිළිගත යුතුමය. මේවන විටත් ඔවුන්ට එරෙහිව චෝදනා ඔප්පුකිරීමට විමර්ශණයක් කරමින් පවතියි. මා මෙයින් අවධානය යොමුකරන්නේ අල්ලගන්නට නොහැකිවූ තවත් සොරුන් කොටසක් ගැනයි…

අදින්නාදානා වේරමණී… සිල්පදය ඔබ දනිති. මෙයින් අප අන්සතු දේ සොරකම් කිරීම නොකරන බවට සිල් පදයක් සමාදන්වෙයී. එසේත් නැතිනම් පොරොන්දු වෙයි. මෙම සිල්පදය කඩකරන නිළධාරීන් කොතෙක් සීටීදැයි සිතාගන්නටවත් බැරිය. කෙටියෙන්ම කිවතොත් මෙය නොකඩන එක් අයෙකුන් හේ සොයාගැනීම ඉතා අපහසුය.  මොවුන් සොරකම් කරන්නේ අපගේ කාලයයි. ආයතනයකට ගියහොත් දුප්පත් මිනිසුන්ගේ කාලයද, පාසලට ගියවිට සිසුන් ගේ කාලය ද මොවුන් සොරා ගනිති. මේවා ද ඉහත සිල්පදයට අයත්ය. මේ වායින් ද මහා පාපකර්මයක් ඔවුන්ට අත්වේ.


Desktop to Laptop – hpProBook 4510s – ඩෙස්ක්ටොප් පරිගණකයෙන් ලැප්ටොප් පරිගණකයට..

දෙසැම්බර් 9, 2009

අද සවස ගාල්ල ඊ-විස් ආයතනයෙන් මා හට රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක් වටිනා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට හැකියාව ලැබුණා.

එහි බ්ලූ ටූත්‚ වයි ෆයි‚ වෙබ් කැම්‚ ඩී.වී.ඩී‚ කාඩ් රීඩර්‚ වයර්ඩ් නෙට්වර්ක්‚ මොඩම් සහ තවත් බොහෝ පහසුකම් හා උපාංග ‍ගොඩක් තියනවා.

Laptop Computer

Kavinda Induwara Amarakoon

මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ එම පරිගණකයයි.

the Computer

M.G.Kavinda Induwara Amarakoon


මෙම ප්රතිඵලයට පාසල වගකියනන් ඕනෑ.

අප්‍රේල් 12, 2009

2008 සාමාන්‍ය පෙළ විභාග ප්රතිඵල පසුගිය දවසක නිකුත් කළා. එහි මගේ නමද සදහන්.  ‍බොහෝ විෂයයන් වලට සහභාගී වුනේ නෑ.  2008 වර්ෂයේ 11 ශ්රේණියේ කිසිම පාඩමකට සහභාගී වීමට මට නොහැකි වුනා. පාසලේ පරිපාලන කටුයුතු වලට සහය දීම නිසා. එම නිසා මා හිතනවා මෙම ප්රතිඵලයට පාසල වගකිවයුතුයි කියලා.