දැන් මට වයස අවුරුදු 18ක් සම්පූර්ණයි!

පෙබරවාරි 27, 2010

මගේ උපන් දිනය අද. මම ඉපදුනේ 1992 පෙබරවාරි 27වනදා. 2010 පෙබරවාරි 27 වන අද දිනයට මට වයස අවුරුදු 18ක් සමුපූර්ණ වෙනවා.

මගේ ජීවිතයන් වසර 18ක් නොදැනිම ගෙවී ගිහින්. මාගේ අයුෂ ප්රමාණය කොතෙක් දැයි මා නොදන්නා නිසා ජීවත් වූ කාලය ජීවත්වීමට ඇති කාලයට වඩා වැඩි යැයි හෝ අඩුයැයි කීමට නොහැකිය. කෙසේ වෙතත් මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය…