ගුරු මාරුවෙන් වසරකට පසු…

ගා/ඕපාත මහා විද්‍යාලය (නවෝද්‍යා,ඉසුරු පාසල)

2009 මැයි මස 22 දින වන විට මහ විදහල

අද 2010 මැයී මස 22 වැනිදා,  2009 වසරේ අද වැනි දිනයක ගා/ඕපාත මහා විද්‍යාලයට නව විදුහල්පති වරයෙකු වැඩ බාර ගැනීමත්  ගුරුවරුන් දෙදෙනෙකුත් විදුහල්පති තුමාත් පාසල් තුනකට මාරුකර යැවීමත් සුවිශේෂී කරුණු දෙකකි. එම සදුවීමට අදට වසරක් සම්පූර්ණවේ. වසරක් සපිරුණත් මෙම සීයලු පත්කිරීම් තාවකාලිකය. එය මා වෙත දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආරියවංශ මහතා එතුමාගේ අංක දපස/අ/26/2/20/1/01 , 2009.11.27 දිනැති ලිපියෙන් දන්වා තිබිණි. ඒ මා දකුණු පළාත් සභාවට අයත් විශේෂ විමර්ශණ ඒකකය ගා/ඕපාත මහා විද‍්‍යාලයේ පැවැත්වෙන විමර්ශණය සම්බන්දයෙන් කටයුතු කරන ආකාරය වැරදි බවත්, ඔවුන් වීමර්ශණ කටයුතු නවතාදමා ඇතිබවත්, එය අපක්ෂපාතීව පවත්වා මාරුකළ ගුරුවරුන් යම් වංචාවකට සම්බන්ද නම් ඔවුන්ට දඩුවම් ලබාදෙන ලෙසත්,  අතිගරු ජනාධිපති තුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුවයි. 

මෙම ලිපියෙන් මා ඔබගේ අවධානයට ලක්කරන්නේ ගම්වාසීන්,ගුරුවරුන් සහ ළමයින් එක්වී ගුරුවරුන් මාරුකිරීමෙන් පලක් වී ඇත්ද යන්නයි..

අපේ නව විදුහල්පති තුමන් කේ.එච්.එම්. ගුණරත්න මහතායි. එතුමා කලින් සෙවය කළේ සිසුන් 30ක් පමණ ඉගෙණුම ලබන ………කනිෂ්ඨ විදුහලේය. ගම් වැසියන්ගේ සහ සිසුන්ගේ ඉල්ලීම හොරුන් එලවා දැමීම පමණක් නිසා විදුහල්පති ලෙස පත්කර එවන පුද්ගලයාගේ හැඩරුව, ගතීගුණ නිලධාරීන්ට එතරම් හරඔයක් නොවුනු නිසා මෙම පාසලට පැමිණීමට කැමැත්තෙන් සහ ආශාවෙන් සිටි මෙතුමාම විදුහල්පතිවරයා ලෙස පත්කර එවන්නට තීරණය කෙරිණී.  මෙම තිරණය අනුව 2009 මැයි 22 වැනි දින උදේ පාන්දරම කේ.එච්.එම්. ගුණරත්න මහතා පාසලට පැමිණි අතර එතුමා අපගේ ඒ වන විට විදුහල්පතිව සිටි, දෑරැංගල විදුහලට ස්ථානමාරු කිරීමේ ලිපිය අතැතිව සිටි ගුණවංශ විදානපතිරණ මහතා සාදරයෙන් පිළිගෙන, හල්විටිගල මහ විදුහලට ස්ථාන මාරු කිරීමේ ලිපිය අතැතිව සිටී ඒ වන විට පාසලේ නියෝජ්‍ය වීදුහල්පති ලෙස කටයුතු කළ ලලිත් රණසිංහ මහතාටය. ඒ පාසලේ සිටින සියලු ගුරුවරුන් හදුන්වා දීමට සහ පාසල් ගොඩනැගිලි පෙන්වා දීමටය.

ගම් වැසියන්, ගරු වරු සහ ළමයින්ට මෙතුමා දුටු සැනින් පැහැදීමක් ඇතිවූ බව පෙණින. මක්නිසාද මෙතුමන් සම්පූර්ණ සුදු ඇදුමින් සැරසී ටයිපටියක් ද ගැටගසා ගෙන සිටි නිසාය. අපේ නව විදුහල්පති තුමා තේජාන්විත පෙනුමකින් ද යුක්තය. ‍විදුහල්පති වරයෙකුට අත්‍යාවශයෙන්ම තිබිය යුත්තේ මනා පෞරුෂමත් පෙනුමයි. පිට පොත්තට පැහැදීම සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභහවයයී. මෙයය කිසිවිටෙක වෙනස් නොවේ.  මෙහිදී නව විදුහල්පති තුමන්ට ඇතිවූ මුල්ම ගැටලුව විදුහලේ සිටින සිසුන් සංඛ්‍යාවයි. එතුමා සිටි පාසලේ සිසුන් 30ක් පමණ වූවත් අපේ පාසලේ සිසුන් 1300ක් සිසුන් සිටින නිසා එතුමාට එයට මුහුණදීමට අපහසු බවක් දැනින. එහෙත් එය කිසිවෙකුට නොපෙන්වා සුපුරුදු පරිදි කටයුතු කිරීමට ඔහු උත්සහවත් විය.

කෙසේහෝ දැන් වසරක කාලයක් ගෙවීගොසින්ය. දෙමාපීයන්ගේ, ගුරුවරුන් ගේ සහ සිසුන්ගේ බල‍ාපොරොත්තුව පරිදි දැන් අපේ පාසල හැදිලද…???

ඔව්. ඇත්තෙන්ම ඔව්.  මෙය ගුරු සිසු දෙමාපිය සැමගෙන් ඇසූ විට ලැබෙන පිළීතුරයි. 2009 මැයී මාසයෙන් පසු වෙනස්වූ දෙවල් මොනවාදැයි සලකා බලමු.

නාමය

අලුතෙන් ලැබුණු

එකතුව

ලැප්ටොප් පරිගණක Lap Top  1 21
සාමාන්‍ය පරිගණක Computer 5 23
බහුමාධ්‍ය m%CIamk  Multimeedia Projector 1 2
     
     
     
     

පාසල් වත්තේ පෙනුම වර්ධනය කර ඇත.  තෘණ වර්ගයක් සිටුවා ඇත.  පාසල් වත්තේ ගස් නාමකරණයට ලක්කර ඇත.  පාසලේ පෙනුම ඉතා අලංකාරව සකසා ඇත. අධ්‍යාපන කටයුතු ද සාමාන්‍ය පරිදි නියමානුකූලව  කරගෙන යන බවක් පෙනේ. මෙයට වඩා තවත් මොනවාද? මගේ පුද්ගලික අදහසට අනුව දැන් පාසල පෙරටවඩා හොද තත්වයක පවතී. ගුරුවරුන් අතර අසමගිය ද සිසුන්ගේ විනය පිරිහීම ද සමහරුන් විදුහල්පති තුමාගේ වරදක් ලෙස පෙන්වා දුන්න ද වසර 15ක පමණ ඉතිහාසයක සිටම එය එසේම සිදුවූ බව මා අවධාරණය කරන්නට කැමැත්තෙමි. පසුගිය වසර 4 තුල මේවායෙහි වර්ධනයක් සිදුවූ අතර එය එසේම නොවෙනස්ව තවමත් පවතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න