විමර්ශණය නැවත අරඹයි – චෝදනා පත් භාරදෙයි.

අගෝස්තු 6, 2010

2009 පෙබරවාරි මස 10 වන දින උදෑසන 10.10ට ඇරඹි වීමර්ශණයෙන් 2009 මැයි මස ඉදීරී විමර්ශණ කටයුතු පහසු කර ගැනිමටයැයි පවසමීන් ගා/ඕපාත මහා විද්‍යාලයේ විදුහල්පතී තුමන් සහ තවත් ගුරුවරුන් දෙදදෙනෙකුත් පාසල් තුනකට මාරුකර යැවිණි. එහෙත් දින සති මාස ගතවී ගීයත් විමර්ශණය කෙරෙන බවක් නොවීය. එය එසේ හෙයින් මා හ‍ට මේ ගැන අතිගරු ජනපතීතුමන් දැනුවත් කිරීමට සිදුවිය. ඒ 2009.09.25 දිනයි.

ඒ අනුව 2009 නොවැම්බර් මස 06 දිනැතිව ජනාධිපතී අතිරේක ලේකම් එම්.ඩී.ඩබ්.ආරීයවංශ මහතාගේ අත්සනීන් යුතුව අංක එස්ඩී/6/ දරණ ලිපිය මගින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් තුමා වෙත දන්වන්නේ මේ සම්බන් ද ව සුදුසු පරිදි කටයුතු කර 2009.11.30 දිනට පෙර පිළිතුරු යැවීමට කටයුතු කර එතුමන්ටද ලිපියේ පිටපතක් යොමුකරණ ලෙසයි. ඒ අනුව 2009.11.27 දීන සහකාර ලේකම් (අධ්‍යාපන) එන්.කේ.අරීයවංශ මහතා මා වෙත දන්වන්නේ චෝදනා පත් බාරදීමටත් වීනය පරීක්ශණය සදහාත් සියලු කටයුතු සූදානම් කර ඇති බවය. චෝදනා ඔප්පුවන තුරු මොවුන් වැරදී කරුවෝ නොවෙති. නිවැරදි කරුවෝ ද නොවෙති. එම නිසා විනය පරීක්ශණය පවත්වා මොවුන් නිවැරදී කරුවෝද වැරදිකරුවෝද යන්න අප ඇතුලු ගම්වාසීන්ට පෙන්වාදිම ඉතා අගයකොට සලකන බවත් එයට මාගේ පූර්ණ සහයෝගය සැමදා ලැබෙන බවත් නැවත ලීපියක් මගින් මා එතුමන්ට දැන්විය.

මේ 2010 අගෝස්තු මාසයයි. මේවන විට අදාල ගුරුවරුන් දෙදෙනාට චෝදනාපත් බාරදී ඇත. ඔවුන් එයට පිළිතුරු යැවීමට ලහිලහීයේ සූදානම්වන බැව් පෙනේ. කෙසේ හෝ මෙය නැවත අරඹා විමර්ශණ කටයුතු අවසන් කිරීම ඉතාම හොදය. ඉදිරියටත් මාග්ත් විදුහලේත් ගම්වැසියන්ගේත් සහයෝගය අවශ්‍ය සැමවීටම විමර්ශණ නිලධාරින්ට ලැබෙනුඇත.


ගා/ඕපාත මහා විද්‍යාලය (නවෝද්‍යා පාසල) “මගේ පාසල”

අප්‍රේල් 12, 2010

ගාලු දිසාවේ උඩුගම අධ්‍යාපන කලාපයේ තවලම කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ඕපාත නම් ඉතා සුන්දර වූ ගම්මානයක පිහිටි දියුණුවේ දොරකඩ අසලට පැමිණ සිටින පාසලකි, “ඕපාත මහා විද්‍යාලය”

ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…

ගා/ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා සංසදයේ හෙට දිනුම් අදින ලොතරැයිය.

ඕපාත මහා විද්‍යාලය, නවෝද්‍යා ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන පාසලකි. සෑම වර්ෂයකම මෙම කටයුතු සදහා සතියක් වෙන්කර දී  ඇත. එය “නවෝද්‍යා සතිය” යනුවෙන් නම් කර පාසලේ විවිධ කටයුතු සදහා දින වෙන්කර එවන්නේ “ඉසුරුපාය” අධ්‍යාපන අමාත්‍යාංශයෙනි.  

ගා/ඕපාත නවෝද්‍යා සංසදය නමින් දෙමාපියන්ගේ සංසදයකි. ගා/ඕපාත මහා විද්‍යාලය නවීකරණ අරමුදලට ආධාර පිණිසයි! ලොතරැයයක මිල රු 20කි. පොතේ ලොතරැයි 25කි . සිසුවා විසින් අරමුදලට රුපියල් 500ක මුදලක් ලබා දීම අනීවාර්යය. දිනුම් අැදීම 2008 ජුනි 17 සවස 3.00 ට ය. සිසුන් දහසකි. අදායම රුපියල් ලක්ෂ පහකි. (500,000. 00) අද 2010/04/12 දිනයයි. මෙෙතක් ලොතරැයිය දිනුම් අැදීම කර නැත…

ලිපිය සම්පූර්ණයෙන් කියවන්න…

 


දැන් මට වයස අවුරුදු 18ක් සම්පූර්ණයි!

පෙබරවාරි 27, 2010

මගේ උපන් දිනය අද. මම ඉපදුනේ 1992 පෙබරවාරි 27වනදා. 2010 පෙබරවාරි 27 වන අද දිනයට මට වයස අවුරුදු 18ක් සමුපූර්ණ වෙනවා.

මගේ ජීවිතයන් වසර 18ක් නොදැනිම ගෙවී ගිහින්. මාගේ අයුෂ ප්රමාණය කොතෙක් දැයි මා නොදන්නා නිසා ජීවත් වූ කාලය ජීවත්වීමට ඇති කාලයට වඩා වැඩි යැයි හෝ අඩුයැයි කීමට නොහැකිය. කෙසේ වෙතත් මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය…


මගේ පරිගණකය‍ට වයස අවුරුදු 4යි My Computer

ජනවාරි 31, 2010

මා ඒවන විට පරිගණක යන්ත්‍රයකින් වැඩකර තිබුනේ කිහිපවතාවක් පමණයි. එතකොට මම 8 වසරේ ගාල්ල ඕපාත මහා ද්‍යාලයට තමයි ගියේ. 2004 වසරෙ තමයි ඉස්කෝලෙට කොම්පියුටර් ගෙනාවේ. පරිගණක තිබුනට අපි ඒවයි වැඩ දැනගෙන හිටියේ නෑ. කාර්යාල පැකේජය තමයි යන්තම් දැනගෙන හිටියේ. මම 2005 වස‍ර් දෙසැම්බර් 30 වන දින ගාල්ල ඊ-විස් ආයතනයෙන් රැපියල් 65‚000ක් වටිනා පරිගණක යන්ත්ර යක් මිලදි ගත්තා. තාමත් ඒක හොද තත්වයෙන් තියනවා. ඉදිරියටත් ඒ විදියටම තියෙයි කියලා හිතනවා.‍

2009-12-30 එම්.ජී.කාවින්ද ඉදුවර අමරකෝන් – මල්ගල්ල තලංගල්ල


මෙම ප්රතිඵලයට පාසල වගකියනන් ඕනෑ.

අප්‍රේල් 12, 2009

2008 සාමාන්‍ය පෙළ විභාග ප්රතිඵල පසුගිය දවසක නිකුත් කළා. එහි මගේ නමද සදහන්.  ‍බොහෝ විෂයයන් වලට සහභාගී වුනේ නෑ.  2008 වර්ෂයේ 11 ශ්රේණියේ කිසිම පාඩමකට සහභාගී වීමට මට නොහැකි වුනා. පාසලේ පරිපාලන කටුයුතු වලට සහය දීම නිසා. එම නිසා මා හිතනවා මෙම ප්රතිඵලයට පාසල වගකිවයුතුයි කියලා. 


උඩුගම කලාපයේ 2007-2008 පෙළ පොත් ලැබී නැත. සිසුන් ජනපතිට ලිපියකින් දැණුම් දෙයි

අගෝස්තු 29, 2008

දකුණු පළාතේ ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ තවලම අධ්‍යාපන කොට්ඨාසයේ ඕපාත මහා විද්‍යාලයේ 2007 වර්ෂයේ 10  සහ 2008 වර්ෂයේ 11 යන ශේණී වලට අදාල පෙළ පොත් ලබා දීමට ඉහත අධ්‍යාපන කාර්යාලවලට අයත් නිලධාරීන් අපොහොසත් වීම නිසා සිසුන් දැඩි දුෂ්කර තාවයකට පත්ව ඇත. 2008 වර්ෂයේ  මාස කිහීපයක් ගෙවිගියත් පෙළ පොත් ලැබෙනබවක් පෙනෙන්නට නොවීය වර්ෂ දෙකකට අදාල පෙළ පොත් නොලැබුණු බැවින් සිසුන් අතිගරු ජනාධිපති තුමන්ට මේබව ලිපියක් මගින් දැන්විය.

එම ලිපියට පිළිතුරු වශයෙන් 2008 මැර්තු 29 වැනි දීනැතිව අංක PA/03/01/03/02  ජනාධිපති සහකාර ලේකම් මහින්ද ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට ලිපියක් යොමුකරමීන් එතුමන් කියා තිබුණේ අදාල  පෙළ පොත් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් එය ඉතා අගයකොට සලකන බවත්ය.

එම ලිපිය අනුව 2008.04.11 දිනැතිව අංක. දප/ජාඵා.05/පෙළ පොත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නීයෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාවතී ලියනගේ මහත්මීයගේ අත්සනින් යුතුව තවලම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී.කොස්වත්ත මහතාට  ලිපියක් යොමුකරමින් එතුමීය  අදාල පෙළ පොත් කඩිනමින් ලබා දෙන ලෙස දන්වා තිබුණි.

එම ලිපිය තැපැල් කරන්නේ 2008.04.21 දිනය. ලිපිය කොස්වත්ත මහතාට ලැබී පැය 24ක් ගතවූවේත් නැත.  පෙළ පොත් රැගත් රථය පාසල් භූමියේ නවතනු පෙණින.

2008 මැයී 12 දින වන විට පාසලට ලැබුණේ 11 වසර බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍ය, ඉංගිරිසි, ගණිතය, ඉතිහාසය, භූගෝල වීද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ගෘහ විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන පොත්ය.

කොට්ඨාස අධ්‍යක්ෂ පී.කොස්වත්ත මහතා ලිපියක් යොමුකරන්නේ කරුනාවතී  ලියනගේ මහත්මියට මෙම පොත් කඩිමුඩියේ බෙදා අවසන් කිරීමෙන් අනතුරුවය. එතුමා ලීපිය යොමුකල ද එහි ලිපි අංකයක් තබා දිනයක්වත් සදහන් නොකරමින්ය. ලිපිය බහාලූ කවරයේ තැපැල් කාර්යාලයේ දින සටහන් වන්නේ2008.05.15 ලෙසින්ය.

කොස්වත්ත මහතා ලිපියෙන් කියන්නේ මෙසේය.

2007 වර්ෂයේ 10 ශේණීයට අදාල  පෙළ පොත් 2007 නොවැම්බර් මස සිට 2008 මැයී මස දක්වා කාලය තුල  බෙදා දී අවසන් බව ද 2008 අදාල පෙළ පොත් 2008 ජනවාරි 11 සිට මැයි 12 දක්වා බුද්ධ ධර්මය, සිංහල භාෂාව හා සාහිත්‍ය, ඉංගිරිසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, භූගෝල වීද්‍යාව, කෘෂි හා ආහාර තාක්ෂණය, ගෘහ විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය යන පොත් ලබා දී ඇති බවත්ය.

එහෙත් විද්‍යාව පෙළ පොත සිසුන්ට ලැබී තිබුණේ නැත. එසේ හෙයින් සිසුන් මෙම ලිපිය විදුහල්පති ගුණවංශ විදානපතිරණ මහතාට ඉදිරිපත්කර වීද්‍යාව පෙළ පොත් විදුහලට ලැබී ඇත්දැයි විමසා බැලීය. විදුහල්පතිතුමා 11 වසර  විද්‍යාව පෙළ පොත් නොලැබුණු බව තහවුරු කර ඇත.

විද්‍යාව පෙළ පොත් ලබා දී ඇති බව සදහන් කළ ද ලබා දී නොමැති හෙයින් නැවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා ඇමතීමට සිසුනට සිදුවිය. 2007 වර්ෂයේ 10ශේණියට අදාල  පෙළ පොත් 2007 නොවැම්බර් මාසයේ දුන්බව කියා ඇත. 2007ට අදාල  පොත් නොවැම්බර් මාසයේ දෙන්නේ කුමකටදැයි අපහට හොවැටහේ.

ඉහල නිලධාරියාගෙන් ලීපි යක් ලැබිමෙන් අනතුරුව පැය 24ක් යන්නටත් මත්තෙන් මෙසේ පෙළ පොත් ලබාදී, තමන්ගෙන් වරදක් සිදු නොවුන ආකාරයෙන් පිළතුරු ලිපියක් යැවීම මගින් ඔබට පෙනෙන්නේ කුමක්ද? එම ලිපියට අංකයක් හෝ දිනයක් සටහන් නොකිරීමෙන් ඔබට පෙනෙන්නේ……?

සිසුන් අවස්න් ලිපිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාට යැවීමේදී ලිපිය ආරම්බ කරන්නට ඇත්තේ මෙසේ වන්නට ඇත. ; දිනයක් හා අංකයක් නොමැති කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ලිපිය හා බැදේ, කියාය…….

මෙවන් නිලධාරීන් මෙතෙක් කල් කර ඇත්තේ පුටු රත්කළ එක පමණමද? මෙයීන් පෙනෙන්නේ පොත් රජයෙන් ලබා දුන්නද පහල නිල ධාරීන් එවා පාසල් වලට ලබා නොදෙන බව නොවේද….? මෙවන් නිලධාරීන් තවදුරටත් රාජ්‍ය සේවයේ තබාගැනීම සුදුසුද?


Having a Multimedia Projector Our School Opatha Maha Vidyalaya

අගෝස්තු 2, 2008

The Story of the our MultiMedia projector

_______After Completing the special project of “having a multimedia projector” Success fully , we bought a multi media projector.
_______It was Started on 01.06.2008 and finished it within 14 days on 17.06.2008.
_______We had a raffle draw of lottery tickets. and It should be appreciated the dedication of the students and their parents.


Welcome to Kavinda Induwara Amarakoon- කාවින්ද ඉදුවර අමරකෝන් ඔබ සාදරයෙන් පිළිගනිමිත

මැයි 18, 2008

Kavinda Induwara Amarakoon

මගේ නම මුතුහෙට්ටි ගමගේ කාවින්ද ඉදුවර අමරකෝන්

මම ඉන්නේ තලංගල්ලේ

තලංගල්ල අයත්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ගම හිනිදුම මැතිවරණ බලප්‍රදේශයට තමයි අයිති වෙන්නේ.

මම දැනට ගා/ඕපාත මහා විද්‍යාලයේ

මගේ පාසලේ මේවන විට ළමයි 1200ක් විතර ඉන්නවා 11 ශ්‍රේණියේ තමයි මම ඉගනගන්නේ. ඉගෙනගන්නවා කිව්වට එහෙමම නෑ. මොකද ඉස්කෝලෙ ඉන්න නිළධාරීන්ට සහය දෙන්න වැඩි වෙලාවක් ගතකරනවා.

වැඩ කිව්වෙ වැඩිපුර තියෙන්නෙ ලියුම් ටයිප් කරන්න තමයි. තවඉතිං….  කණ්ඩායම් පරීක්ෂණයට කාලාප කාර්යාලයෙන් එන්න සති දෙකකට කලින් විතර ගුරුවරුන්ට දැනුම් දෙනවා අන්තිම සති දෙකේ ගුරුවරු සේරම හරිහරියට ඩැඩ. වැඩ කියන්නේ ළමයින්ට උගන්වනව නෙමෙයි… ලකුණු පොත් හදනවා. අලුතින් ලොකු සී.ආර් පොතක් අරගෙන ඉරි ’ ළමයිගෙ නම් ළමයෙකුටම කියලා ලියවගෙන ඉස්සරහින් ලකුණු දාගෙන දාගෙන යනවා. ඇගයීම් ලකුණුය කියලයි කියන්නෙ….. හැබැයි කරපු ඇගයීමක් නම් නෑ…. ළමයි 40 ගෙ ඇගයීම් කීපයකම ලකුණු මත‍කෙන් පුරවන එකනේ පුදුමේ. විනාඩියට ළමයි 10කගෙ විතර ලකුණු දානව. මම මේ කියාගෙන ආවේ මට තියන වැඩ ගැනනේ. ඉතිං මේ කණ්ඩායම් පරීක්ෂණය දවසට කලින් දවසේ ලොකු බෝඩ්එකක් හදනවා. ඒකෙ තියෙන්නෙ පසුගිය වසර 4ක විභාග ප්රතිඵල, පාසලේ ඉන්න ළමයිගනන, ගුරුවරු ගනන වගේ ඒවා තමයි. මේක හදලා ඉවරවෙලා කාර්යාලෙ එල්ලන්නත් ඕන. විදුහල්පති,නි.විදුහල්පති,පරිගණක භාරකරු මේ තුන්දෙනාම ඉන්නවා. පාන්දර 2 විතරවෙනකොට තමයිමේක ඉවරවෙන්නේ. උදේට කට්ටිය එන හන්දා රෑම එල්ලනවා. ඉතිං උදේ පාන්දරම වෙනදා 9.00 ට එන අයත් 6.30 වෙනකොට පාසලට ඇවිල්ලා අත්සන් කරන්න පොරකනවා. අවුරුද්දේ හොදටම උගන්වන්නේ මෙදාට විතරමයි… තවත් එකක් තමයි පාසලේ ගිණුමෙන් මුදල් අරගෙන ඒවාට හරියන්න මුදල් පොත හදලා පස්සෙ තමයි බිල් හදන්නෙ. මේක මේ පාසලේ විතරක් වෙන එකක් නෙවෙයි මවන්න ඇති. ඒත් මේකනම් ලගදිම අහුවෙනවාලු. 

තවත් ඒවා තියනවා… වතුර මෝටරය දාලා වතුර එන්නේ නැත්තම් ඒවා බලන්නත් ඕන. මොකද අපේ ඉස්කෝලෙ දවස් 5ට ටැප් 5ක් දාන්නඕන. අපේ ළමයි හවසට සෙල්ලම් කරන්න එනවනේ. ඇවිල්ල ටැප් ගලවලා කැලේට දාල,වහලටත් ගල්ගහලා,වීදුරු එහෙමත් බිදලනේ යන්නේ. “අපේ පාසල අපේ දෑතින් සුරකිමු” කියල බිත්තිවල ලියල තියන නිසා වෙන්නඇති එහෙම කරන්නෙ.

අපේ පාසලේ තියනවනේ ගුරුවරුන්ටම කියලා වැසිකිලියක්. දොරවහල යතුරදාල ඒක ඉනේ ගහගෙන තමයි ලු ඉන්නේ. ඕකට යන්නේ තොරාගත් පිරිසක් ලු නේ. 53දෙනාටම යන්න බැරිලු. මේ වැසිකිලයේ දොරේ එලියෙනුයි ඇතුල්පැත්තෙයි ලොකු අකුරෙන් ගහල තියනවාලු “වතුර ගසා ටැප් එක වසා යන්න” කියලා. මොකද අපේ ගුරුවරු ඒ දෙකම කරන්නේ නෑ. යතුර දාල හින්දා වතුර යනව ඇහුනට කාටවත් ටැප්එක වහන්නත් බැරිලු. ඉතිං ලිඳ හිදෙනකම් වතුර ගැහුවත් ටැංකිය පුරවන්න බැරිලු. මේව අපට හදන්නත් බැරිලු. අර මොකකටද වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.

 අනධ්‍යන සේවකයෝ 9ක් ඉන්නවලු. කවුරුවත් වැඩක් කරන්නෙ නැතිලු. මාසෙකට 10000ක් වත් පඩි ගන්නවලු. මාසෙකට 90 000ක් ලු වසරකට 1 080 000 ලු. මේවා කාගේ සල්ලිද? බලුකපුටු දානයක්දීම මීට හොඳලු.

මම උදේ 6:45 ට විතර තමයි ඉස්කෝලෙට යන්නේ. ගෙදර එනකොට රෑ 9:30 විතර වෙනවා. ඔයාලට හිතෙයි ‍මගේ ගෙදර ඉඳලා පාසලට ගොඩාක් දුරයි කියලා… අනේ නෑ. සැතපුමි 2යි හරියටම තියෙන්නේ.  මම රෑ 9:20 විතර තමයි පාසලෙන් එලියට එන්නේ. ගෙදර එන්න යන්නේ විනාඩි 10යි.

මම පාසලේ ශිෂ්‍ය නායත තනතුර හොබවනවා. ඒ විතරන් නෙමෙයි අපේ පාසලේ IT Club එකේ සභාපති. ඒ කට නම දාලා තියෙන්නේ OMV e Kids Club කියලා. ඒ කේ ගොඩාක් සාමාජිකයෝ ඉන්නවා. ඒත් නමට විතරයි…. වැඩ කරන්න ළමයි 5 ක් වත් හොයාගන්න බෑ. බොහෝ වෙලාවට මම විතරයි.

මම පාසලේ පුස්ථකාලයේ ත් ළමා සමාජ සභාපති විදියට කටයුතු කරනවා. දැන් ඔයාට හිතෙනවා ඇති මේවා මටම දෙන්නේ වෙන කවුරුවත් නැද්ද කියලා. ඇත්තටම නෑ. මේවගේ ගමක ගුරුවරු කැමතිනෑ ළමයි කිසිම භාහිර වැඩක් කරනවට. ගුරුවරුන්ෙගන් නිතර තර්ජන ඒල්ල ෙවනනනිසා වැඩක් බාරගන්න කවුරුත්ම කැමති නෑ. ඒකතමයි ළමයි ෙගාඩක් විභහගත් අසමත් ෙවන්ෙන. බාරගත්තත් උවමනාවකට කවුරුත්ම ඉතුරුවෙන්නේ නෑ. ආ… මම මගේ විස්තරනේ කියාගෙන ආවේ ඉතුරු ටිකත් අහගන්නකෝ..

මට දැන් වයස අවුරුදු 16ක්

මගේ අම්මගෙ නම ජී.අමරකෝන් ඇය ගුරුවරියක්. විශ්‍රාම යනකොට සේවය කළේ ගා/ඕපාත මහා විද්‍යාලයේ. පත්වීම ගෘහ විද්‍යාව වුනත් බුද්ධාගමත් ඉගැන්නුවා. ඇයගේ ගම කොටපොල. අයගේ මව ඩී.කේ.එස්. ජයවික්‍රම. පියාට ගොඩක් දෙනෙක් කියන්නේ මුගුණුමුල්ලේ අප්පුහාමි මහත්තයා කියලා. මගේ අම්මත් සමග පවුලේ නවදෙනෙක්. එයින් එක සහොදරයෙක් සාසනයට පූජාකරලයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි පුජ්‍ය කොටපොල අමරකිත්ති හිමි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවටත් තේරීපත්වෙලයි තියෙන්නේ.

මගේ පියා එම්.ජී. තුෂර රත්නායක. ඔහු කලාකටයුතු වලට ගොඩක් කැමතියි. ගම තලංගල්ලම තමයි. තාත්තගේ පවුලෙත් නැන්දලා මාමලා නව දෙනෙක්. ඒත් ගමේ ඉන්නේ සහහෝදරයන් 1 කුත් සහෝදරියන් 2 කුත් පමණයි.

මට සහෝදර සහෝදරියන් නෑ. මම ක්‍රීඩා කරන්න කොහෙත්ම කැමති නෑ. ඒත් විකනෝදාංශ අත්හැරල නෑ. මගේ විනෝදාංශ තමයි පොත් පත්තර කියවීම සහ විවිධ ස්ථානවල සංචාරය කිරීම.

 I am Kavinda Induwara Amarakoon From Sri Lanka. (Web Site creater) 

I study at G/Opatha Maha Vidyalaya,Opatha

I am in Grade 11

My Web Page :-මම ඉස්කෝලෙ වෙබ් සයිට් වෙකත් හැදුවලු. ඊ-ගම්මාන ව්‍යාපෘතියෙත් වෙබ් එක හැදුවෙ මමලු.මේ ඒකෙ ලිපිනය ලු. බලන්නලු.

School Web Site at www.opathamv.sch.lk

my Village Sit at www.opatha.org 

Cuntac us ..

E-Mail :- induwaramg@gmail.com induwaramgk@yahoo.com  

Tel +94915624574  (9.30 PM – 3.30 AM)

Address  :-

“Mihira”,Talangalla,Mallgalla,Thalangalla,Sri Lanka