These special trains will operate tomorrow (25) and day after (26), to take pilgrims to the venue, Commercial Superintendent Railways Vijaya Adikaree said.
ජාතික පිච්ච මල්…
Print E-mail Saturday, 25 July 2009 ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය අද ජාතික පිච්ච මල් පූජා මහෝත්සවය අද (25) සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පූජා මහෝත්සවයට සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇත. දිවයිනේ ප්‍රධාන නගරවල සිට අනුරාධපුරය දක්වා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කෙරෙන අතර විශේෂ දුම්රිය දෙකක් ද ධාවනය කෙරේ. මීට අමතර ව අනුරාධපුර නගරයේ සිට ථූපාරාම රථගාල දක්වාත්, ථූපාරාමයේ සිට අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ දක්වාත් ගමන් කිරීම සඳහා විශේෂ බස් රථ යොදා ඇත. ආහාරපාන සඳහා දන්සැල් 42ක් පූජා භූමිය තුළ පැවැත්වේ. එසේ ම බැතිමතුන්ට යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම පිණිස දේශීය හා බටහිර වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ම රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ රැඳී සිටිති. පස්වරු 2.00ට ථූපාරාමය අභියසින් පිච්ච මල් පෙරහැර ආරම්භ කෙරෙන අතර උඩ මළුවේ මල් ඇතිරීම පස්වරු 4.30ට සිදු කෙරේ. වන්දනා වැඩසටහන පස්වරු 5.00ට සිදුකිරීමට නියමිත ය. මෙවර මෙම පූජා මහෝත්සවය සඳහා සහභාගි වන ලෙස සියලු ම දේශපාලන පක්ෂවලට ආරාධනා කොට ඇත. රුවන්වැලි මහා සෑය ප්‍රදක්ෂනා කරන පෙරහැර අද රාත්‍රී 8.00ට ආරම්භ කෙරේ. රාත්‍රී 9.30ට වන්දනා වැඩසටහන පැවැත්වෙන අතර රාත්‍රී 11.00ට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වේ. හෙට පෙරවරු 9.00ට විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර එදින ම පෙරවරු 10.00ට අභය දානමය පිංකම පවත්වා පුණ්‍යානුමෝදනා කොට පිංකම නිමාවට පත්කිරීමට නියමිත ය.
http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=12795&Itemid=44
Posted by kavindainduwara
Posted by kavindainduwara 


Posted by kavindainduwara