2009 පෙබරවාරි මස 10 වන දින උදෑසන 10.10ට ඇරඹි වීමර්ශණයෙන් 2009 මැයි මස ඉදීරී විමර්ශණ කටයුතු පහසු කර ගැනිමටයැයි පවසමීන් ගා/ඕපාත මහා විද්‍යාලයේ විදුහල්පතී තුමන් සහ තවත් ගුරුවරුන් දෙදදෙනෙකුත් පාසල් තුනකට මාරුකර යැවිණි. එහෙත් දින සති මාස ගතවී ගීයත් විමර්ශණය කෙරෙන බවක් නොවීය. එය එසේ හෙයින් මා හට මේ ගැන අතිගරු ජනපතීතුමන් දැනුවත් කිරීමට සිදුවිය. ඒ 2009.09.25 දිනයි.
ඒ අනුව 2009 නොවැම්බර් මස 06 දිනැතිව ජනාධිපතී අතිරේක ලේකම් එම්.ඩී.ඩබ්.ආරීයවංශ මහතාගේ අත්සනීන් යුතුව අංක එස්ඩී/6/ දරණ ලිපිය මගින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් තුමා වෙත දන්වන්නේ මේ සම්බන් ද ව සුදුසු පරිදි කටයුතු කර 2009.11.30 දිනට පෙර පිළිතුරු යැවීමට කටයුතු කර එතුමන්ටද ලිපියේ පිටපතක් යොමුකරණ ලෙසයි. ඒ අනුව 2009.11.27 දීන සහකාර ලේකම් (අධ්‍යාපන) එන්.කේ.අරීයවංශ මහතා මා වෙත දන්වන්නේ චෝදනා පත් බාරදීමටත් වීනය පරීක්ශණය සදහාත් සියලු කටයුතු සූදානම් කර ඇති බවය. චෝදනා ඔප්පුවන තුරු මොවුන් වැරදී කරුවෝ නොවෙති. නිවැරදි කරුවෝ ද නොවෙති. එම නිසා විනය පරීක්ශණය පවත්වා මොවුන් නිවැරදී කරුවෝද වැරදිකරුවෝද යන්න අප ඇතුලු ගම්වාසීන්ට පෙන්වාදිම ඉතා අගයකොට සලකන බවත් එයට මාගේ පූර්ණ සහයෝගය සැමදා ලැබෙන බවත් නැවත ලීපියක් මගින් මා එතුමන්ට දැන්විය.
මේ 2010 අගෝස්තු මාසයයි. මේවන විට අදාල ගුරුවරුන් දෙදෙනාට චෝදනාපත් බාරදී ඇත. ඔවුන් එයට පිළිතුරු යැවීමට ලහිලහීයේ සූදානම්වන බැව් පෙනේ. කෙසේ හෝ මෙය නැවත අරඹා විමර්ශණ කටයුතු අවසන් කිරීම ඉතාම හොදය. ඉදිරියටත් මාග්ත් විදුහලේත් ගම්වැසියන්ගේත් සහයෝගය අවශ්‍ය සැමවීටම විමර්ශණ නිලධාරින්ට ලැබෙනුඇත.


