flower of the Southern Province.

මැයි 25, 2008

Osbeckia octandra

 

Osbeckia octandra is the flower of the Southern Province. In tamil fe;J Ke;J ghssp.It is a small shrub. It has very bright and thin green leaves. Which are hairy. Attractive flowers which are having purplish pink five petal bloom through the year. There are five or six flowers in each branch. This plant spreads in the middle lower regions in South India. In Sri Lanka it grows in the wet dry and the mountain regions. This can be seen in the Shrub forests and gardens. Leaves can be taken for a curry by growing. These beautiful plants, you can create a beautiful environment within the landscape. Ayurvedic and other traditional medical practitioners in Sri Lanka use the immature leaves of the plant Osbeckia octandra for its hepatoprotective properties.


Welcome to Kavinda Induwara Amarakoon- කාවින්ද ඉදුවර අමරකෝන් ඔබ සාදරයෙන් පිළිගනිමිත

මැයි 18, 2008

Kavinda Induwara Amarakoon

මගේ නම මුතුහෙට්ටි ගමගේ කාවින්ද ඉදුවර අමරකෝන්

මම ඉන්නේ තලංගල්ලේ

තලංගල්ල අයත්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ගම හිනිදුම මැතිවරණ බලප්‍රදේශයට තමයි අයිති වෙන්නේ.

මම දැනට ගා/ඕපාත මහා විද්‍යාලයේ

මගේ පාසලේ මේවන විට ළමයි 1200ක් විතර ඉන්නවා 11 ශ්‍රේණියේ තමයි මම ඉගනගන්නේ. ඉගෙනගන්නවා කිව්වට එහෙමම නෑ. මොකද ඉස්කෝලෙ ඉන්න නිළධාරීන්ට සහය දෙන්න වැඩි වෙලාවක් ගතකරනවා.

වැඩ කිව්වෙ වැඩිපුර තියෙන්නෙ ලියුම් ටයිප් කරන්න තමයි. තවඉතිං….  කණ්ඩායම් පරීක්ෂණයට කාලාප කාර්යාලයෙන් එන්න සති දෙකකට කලින් විතර ගුරුවරුන්ට දැනුම් දෙනවා අන්තිම සති දෙකේ ගුරුවරු සේරම හරිහරියට ඩැඩ. වැඩ කියන්නේ ළමයින්ට උගන්වනව නෙමෙයි… ලකුණු පොත් හදනවා. අලුතින් ලොකු සී.ආර් පොතක් අරගෙන ඉරි ’ ළමයිගෙ නම් ළමයෙකුටම කියලා ලියවගෙන ඉස්සරහින් ලකුණු දාගෙන දාගෙන යනවා. ඇගයීම් ලකුණුය කියලයි කියන්නෙ….. හැබැයි කරපු ඇගයීමක් නම් නෑ…. ළමයි 40 ගෙ ඇගයීම් කීපයකම ලකුණු මත‍කෙන් පුරවන එකනේ පුදුමේ. විනාඩියට ළමයි 10කගෙ විතර ලකුණු දානව. මම මේ කියාගෙන ආවේ මට තියන වැඩ ගැනනේ. ඉතිං මේ කණ්ඩායම් පරීක්ෂණය දවසට කලින් දවසේ ලොකු බෝඩ්එකක් හදනවා. ඒකෙ තියෙන්නෙ පසුගිය වසර 4ක විභාග ප්රතිඵල, පාසලේ ඉන්න ළමයිගනන, ගුරුවරු ගනන වගේ ඒවා තමයි. මේක හදලා ඉවරවෙලා කාර්යාලෙ එල්ලන්නත් ඕන. විදුහල්පති,නි.විදුහල්පති,පරිගණක භාරකරු මේ තුන්දෙනාම ඉන්නවා. පාන්දර 2 විතරවෙනකොට තමයිමේක ඉවරවෙන්නේ. උදේට කට්ටිය එන හන්දා රෑම එල්ලනවා. ඉතිං උදේ පාන්දරම වෙනදා 9.00 ට එන අයත් 6.30 වෙනකොට පාසලට ඇවිල්ලා අත්සන් කරන්න පොරකනවා. අවුරුද්දේ හොදටම උගන්වන්නේ මෙදාට විතරමයි… තවත් එකක් තමයි පාසලේ ගිණුමෙන් මුදල් අරගෙන ඒවාට හරියන්න මුදල් පොත හදලා පස්සෙ තමයි බිල් හදන්නෙ. මේක මේ පාසලේ විතරක් වෙන එකක් නෙවෙයි මවන්න ඇති. ඒත් මේකනම් ලගදිම අහුවෙනවාලු. 

තවත් ඒවා තියනවා… වතුර මෝටරය දාලා වතුර එන්නේ නැත්තම් ඒවා බලන්නත් ඕන. මොකද අපේ ඉස්කෝලෙ දවස් 5ට ටැප් 5ක් දාන්නඕන. අපේ ළමයි හවසට සෙල්ලම් කරන්න එනවනේ. ඇවිල්ල ටැප් ගලවලා කැලේට දාල,වහලටත් ගල්ගහලා,වීදුරු එහෙමත් බිදලනේ යන්නේ. “අපේ පාසල අපේ දෑතින් සුරකිමු” කියල බිත්තිවල ලියල තියන නිසා වෙන්නඇති එහෙම කරන්නෙ.

අපේ පාසලේ තියනවනේ ගුරුවරුන්ටම කියලා වැසිකිලියක්. දොරවහල යතුරදාල ඒක ඉනේ ගහගෙන තමයි ලු ඉන්නේ. ඕකට යන්නේ තොරාගත් පිරිසක් ලු නේ. 53දෙනාටම යන්න බැරිලු. මේ වැසිකිලයේ දොරේ එලියෙනුයි ඇතුල්පැත්තෙයි ලොකු අකුරෙන් ගහල තියනවාලු “වතුර ගසා ටැප් එක වසා යන්න” කියලා. මොකද අපේ ගුරුවරු ඒ දෙකම කරන්නේ නෑ. යතුර දාල හින්දා වතුර යනව ඇහුනට කාටවත් ටැප්එක වහන්නත් බැරිලු. ඉතිං ලිඳ හිදෙනකම් වතුර ගැහුවත් ටැංකිය පුරවන්න බැරිලු. මේව අපට හදන්නත් බැරිලු. අර මොකකටද වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.

 අනධ්‍යන සේවකයෝ 9ක් ඉන්නවලු. කවුරුවත් වැඩක් කරන්නෙ නැතිලු. මාසෙකට 10000ක් වත් පඩි ගන්නවලු. මාසෙකට 90 000ක් ලු වසරකට 1 080 000 ලු. මේවා කාගේ සල්ලිද? බලුකපුටු දානයක්දීම මීට හොඳලු.

මම උදේ 6:45 ට විතර තමයි ඉස්කෝලෙට යන්නේ. ගෙදර එනකොට රෑ 9:30 විතර වෙනවා. ඔයාලට හිතෙයි ‍මගේ ගෙදර ඉඳලා පාසලට ගොඩාක් දුරයි කියලා… අනේ නෑ. සැතපුමි 2යි හරියටම තියෙන්නේ.  මම රෑ 9:20 විතර තමයි පාසලෙන් එලියට එන්නේ. ගෙදර එන්න යන්නේ විනාඩි 10යි.

මම පාසලේ ශිෂ්‍ය නායත තනතුර හොබවනවා. ඒ විතරන් නෙමෙයි අපේ පාසලේ IT Club එකේ සභාපති. ඒ කට නම දාලා තියෙන්නේ OMV e Kids Club කියලා. ඒ කේ ගොඩාක් සාමාජිකයෝ ඉන්නවා. ඒත් නමට විතරයි…. වැඩ කරන්න ළමයි 5 ක් වත් හොයාගන්න බෑ. බොහෝ වෙලාවට මම විතරයි.

මම පාසලේ පුස්ථකාලයේ ත් ළමා සමාජ සභාපති විදියට කටයුතු කරනවා. දැන් ඔයාට හිතෙනවා ඇති මේවා මටම දෙන්නේ වෙන කවුරුවත් නැද්ද කියලා. ඇත්තටම නෑ. මේවගේ ගමක ගුරුවරු කැමතිනෑ ළමයි කිසිම භාහිර වැඩක් කරනවට. ගුරුවරුන්ෙගන් නිතර තර්ජන ඒල්ල ෙවනනනිසා වැඩක් බාරගන්න කවුරුත්ම කැමති නෑ. ඒකතමයි ළමයි ෙගාඩක් විභහගත් අසමත් ෙවන්ෙන. බාරගත්තත් උවමනාවකට කවුරුත්ම ඉතුරුවෙන්නේ නෑ. ආ… මම මගේ විස්තරනේ කියාගෙන ආවේ ඉතුරු ටිකත් අහගන්නකෝ..

මට දැන් වයස අවුරුදු 16ක්

මගේ අම්මගෙ නම ජී.අමරකෝන් ඇය ගුරුවරියක්. විශ්‍රාම යනකොට සේවය කළේ ගා/ඕපාත මහා විද්‍යාලයේ. පත්වීම ගෘහ විද්‍යාව වුනත් බුද්ධාගමත් ඉගැන්නුවා. ඇයගේ ගම කොටපොල. අයගේ මව ඩී.කේ.එස්. ජයවික්‍රම. පියාට ගොඩක් දෙනෙක් කියන්නේ මුගුණුමුල්ලේ අප්පුහාමි මහත්තයා කියලා. මගේ අම්මත් සමග පවුලේ නවදෙනෙක්. එයින් එක සහොදරයෙක් සාසනයට පූජාකරලයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි පුජ්‍ය කොටපොල අමරකිත්ති හිමි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවටත් තේරීපත්වෙලයි තියෙන්නේ.

මගේ පියා එම්.ජී. තුෂර රත්නායක. ඔහු කලාකටයුතු වලට ගොඩක් කැමතියි. ගම තලංගල්ලම තමයි. තාත්තගේ පවුලෙත් නැන්දලා මාමලා නව දෙනෙක්. ඒත් ගමේ ඉන්නේ සහහෝදරයන් 1 කුත් සහෝදරියන් 2 කුත් පමණයි.

මට සහෝදර සහෝදරියන් නෑ. මම ක්‍රීඩා කරන්න කොහෙත්ම කැමති නෑ. ඒත් විකනෝදාංශ අත්හැරල නෑ. මගේ විනෝදාංශ තමයි පොත් පත්තර කියවීම සහ විවිධ ස්ථානවල සංචාරය කිරීම.

 I am Kavinda Induwara Amarakoon From Sri Lanka. (Web Site creater) 

I study at G/Opatha Maha Vidyalaya,Opatha

I am in Grade 11

My Web Page :-මම ඉස්කෝලෙ වෙබ් සයිට් වෙකත් හැදුවලු. ඊ-ගම්මාන ව්‍යාපෘතියෙත් වෙබ් එක හැදුවෙ මමලු.මේ ඒකෙ ලිපිනය ලු. බලන්නලු.

School Web Site at www.opathamv.sch.lk

my Village Sit at www.opatha.org 

Cuntac us ..

E-Mail :- induwaramg@gmail.com induwaramgk@yahoo.com  

Tel +94915624574  (9.30 PM – 3.30 AM)

Address  :-

“Mihira”,Talangalla,Mallgalla,Thalangalla,Sri Lanka


Sri Lanka

මැයි 17, 2008

kavinda-induwara-amarakoon-kk Sri Lanka is a beautiful island.

It is the pearl of the Indian Ocean.

The English Like this island very much.

 Her culture is of a very high oder.

In places like England people suffer during the winter season.

They cannot bathe in these months.

We have no such questions in our Country.

We have a temperate climate.

In a way it’s a blessing

Sri Lanka is a Peaceful Country

 

                                                       Kavinda Induwara Amarakoon


Follow

Get every new post delivered to your Inbox.